ඉන්ධන අර්බුදයෙන් රෝහල් වැසේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක රොහල් ගණනාවක්ම මේ වන විට වැසී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
මෙතෙක් කාලයක් කිසිදු වර්ජනයකට සහභාගී නොවූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සේවකයින් පවතින ඉන්ධන අර්බුදයත් සමග වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව එම නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශකර සිටියා.
කෙසේ වෙතත් මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් සේවකයන් රෝහල කරා යාමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත් වී සිටිනවා.
219 Views
Comments