කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කාන්තාවගේ ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය ආකාරයට සකස් කර (edit) අන්තර්ජාලට මුදාහරින බවට තර්ජනය කර ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ පුද්ගලයින් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20 සහ 23 වන තරුණයින් දෙදෙනෙකි.

 

මොවුන් ෆේස්බුක් ආදි සමාජ ජාලා වලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය ලෙස සකස්කර අන්තර්ජාලයට මුදා හරින බවට එම කාන්තාවන්ට පවසා බිය ගන්වා කප්පම් මුදල් ඉල්ලා තිබෙනවා. එලෙස ගත් උත්සාහයකදී තරුණියක් විසින් මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

views

915 Views

Comments

arrow-up