මානසික ආබාධයකින් පෙළෙන පුත්‍රයකුගේ පහරදීමෙන් පනාමුරේ පස් දරු පියෙක් මරුට

පනාමුරේ ප්‍රදේශයේ පුත්‍රයකු විසින් සිදුකළ පහරදීමකින් ඔහුගේ පියා මියගොස් ඇති පුවතක් වාර්තා වේ. මියගිය තැනැත්තාගේ මානසික ආබාධයකින් පෙළෙන පුත්‍රයකු විසින් සිදුකළ පහරදීමකින් මොහු මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කර සිටී.
මියගිය පුද්ගලයාට දරුවන් පස් දෙනෙකු සිටින අතර මානසික ආබාධයකින් පෙළෙණු පුත්‍රයා සමග ඔහු මෙම නිවසේ ජීවත්ව ඇති බව සඳහන් වේ. මෙම සැකකාර පුත්‍රයා කලක පටන් කිසිවෙකුට එම නිවසට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් පැමිණෙන අයට බැන වදින බවත් ප්‍රදේශවාසීන් පවසා සිටී.
පනාමුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
207 Views
Comments