දළදා මාළිගාවට ඉහළින්ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

දළදා මාළිගාවට ඉහළින්ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයා අත්අඩංගුවට

දළදා මාළිගාවට ඉහළින්ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයා අත්අඩංගුවට

විදේශිකයෙකු දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

 

අද උදෑසන එම පුද්ගලයා දළදා මාලිගා පරිශ්‍රයේ අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර තිබේ.

 

 

සැකකරු මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පොලිස් තාක්ෂණ ඒකකය විසින් පියවර ගෙන තිබේ.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහනුවර සංචාරක පොලිස් ඒකකය සිදුකරයි.

 

 

views

264 Views

Comments

arrow-up