“ජීවත් වෙන්න අමාරුයි, රස්සා දෙන්න” - යූඑන්පී ලොක්කන් 12ක් රස්සා ඉල්ලගන්න මහින්ද හමුවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

“ජීවත් වෙන්න අමාරුයි, රස්සා දෙන්න” - යූඑන්පී ලොක්කන් 12ක් රස්සා ඉල්ලගන්න මහින්ද හමුවෙලා

“ජීවත් වෙන්න අමාරුයි, රස්සා දෙන්න” - යූඑන්පී ලොක්කන් 12ක් රස්සා ඉල්ලගන්න මහින්ද හමුවෙලා

ජීවත් වීමට අපහසු බව කියමින්  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරු සහ ආසන සංවිධායකවරු 12ක් පමණ පසුගිය දිනවල  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී  රැකියා අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

 


පවතින ආර්ථික තත්ත්වය හමුවේ  ඇති වී තිබෙන පීඩාවට  මුහුණ දීම සඳහා රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ආයතනවල සභාපති ධූර ක්‍රියාකාරී අධ්‍යක්ෂ වැනි තනතුරු තමන්ට ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ ගෙන් මෙම පිරිස  ඉල්ලා ඇති බව දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරයි.



එසේ මහින්ද රාජපක්ෂ හමුවීමට හේතු වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා අගමැති අවධියේ සිට මේ දක්වා තමන් විසින් කළ කිසිම ඉල්ලීමක් ඉටුවී නැති නිසා බවද ඔවුන් මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇත.



ඒ අනුව මෙලෙස තනතුරු ඉල්ලා පැමිණි එජාප ක්‍රියාකාරීන් කීපදෙනෙකුට සංස්ථාවල ඉහළ තනතුරු යෝජනා කර ඒ බව ජනාධිපතිවරායට ද දැනුම්  දී ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.



මෙසේ තනතුරු ඉල්ලූ පිරිස 12ක් පමණ වන බව දැනගන්නට ඇත. වත්මන් රජයේ සියලුම තනතුරු වරප්‍රසාද සහ වරදාන සම්බන්ධව අවසන් තීන්දුව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් ලබා ගන්නා බවත් වත්මන් ජනාධිපති විසින් සිදුකරන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී  ආණ්ඩුවේ ප්‍රබලයෙක් පැවසීය.

views

230 Views

Comments

arrow-up