ගෙවල් 10ක් බින්ඳ දෙදෙනෙක් කොල්ල කෑ දේපල සමග මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ගෙවල් 10ක් බින්ඳ දෙදෙනෙක් කොල්ල කෑ දේපල සමග මාට්ටු

ගෙවල් 10ක් බින්ඳ දෙදෙනෙක් කොල්ල කෑ දේපල සමග මාට්ටු

බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 5 කට ආසන්න දේපොළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

 

මාසයක් පමණ කාලයකදී මෙම සොරකම් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

 

සැකකරුවන් සමග ගෑස් සිලින්ඩර,ගෑස් ලිප්,රයිස් කුකර්.විදුලි ස්ත්‍රික්ක,පිත්තල භාණ්ඩ.විදුලි පංකා,රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උපාංග ඇතුලු දේපල රැසක් වන බව පොලිසිය කියයි.

 

සොරාගත් සියලුම දේපල ඉතාමත් අඩු මුදලට බණ්ඩාරගම අවට ප්‍රදේශ වලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

views

239 Views

Comments

arrow-up