ලංකාව වගේ ඕස්ටේ‍්‍රලියාවදත් බංකොලොත් විය හැකියි - එරට ප්‍රමුඛ ධනපතිනිය

කීර්තිමත් රටක් ලෙස පැවති ශ‍්‍රී ලංකාව වර්තමානයේ දැඩි දරිද්‍රතාවයට ඇද වැටී ඇති බවත්, ඔස්ට්‍රේලියාවද වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් වැඩිකල් නොගොස් ශ්‍රී ලංකාව මෙන් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බවත් එරට ධනවත්ම කාන්තාව වන ජිනා රයින්හාර්ට් මහත්මිය පවසා තිබේ.
සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට යාමෙන් ශ‍්‍රී ලංකාව දරිද්‍රතාවයට ඇද වැටුණු බවයි ඇය පැවසුවේ.
බොහෝ දේ නොමිලේ ලබා දෙන බවට පොරොන්දු වී සිදුකරන දේශපාලන ප‍්‍රයෝගය හේතුවෙන් තේ වතු ඇතුළු කෘෂිකර්මාන්තයෙන් පොහොසත්ව පැවති ශ‍්‍රී ලංකාව, මේ වන විට රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට පවා නොහැකි රටක් බවට පත්වී ඇති බවටද ඇය චෝදනා කළාය.
කතාකිරීමේ නිදහසද ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමිව ඇති බවත් රට තුළ ගැටුම් උත්සන්නව ඇති බවත් ජනතාව ඔවුන්ගේ සතුට අහිමිකරගෙන ඇති බවත්, හමුදාව සහ පොලිසිය ජන ජීවිතය මත අනවශ්‍ය ආකාරයට බලපෑම් සිදු කරන බවත් ඇය වැඩි දුරටත් පවසා තිබේ.
ආර්ජන්ටිනාවේ තත්ත්වයද මෙයට සමාන බව පවසන ජිනා රයින්හාර්ට්, ඕස්ටේ‍්‍රලියාවද එම මාවතේම ගමන් කරමින් සිටින බවද පවසා ඇත.
832 Views
Comments