“උගන්ඩාවේ තියෙන සල්ලි පෙන්නන්නකෝ” - නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

“උගන්ඩාවේ තියෙන සල්ලි පෙන්නන්නකෝ” - නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්

“උගන්ඩාවේ තියෙන සල්ලි පෙන්නන්නකෝ” - නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

 

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.

 

දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

152 Views

Comments

arrow-up