පොලිස් මාර්ග බාධකයේ සිදුවූ නොසන්සුන්තාවයේදී වෙඩි වැදි අයෙක් ජීවිතක්‍ෂයට

කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි .
අද 8 අළුයම දොළහයි තිහට පමණ ඇතිවූ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලා වත්ත ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි පුද්ගලයකු බව හෙළි වී ඇත.
සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටු ගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත .
පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇතැයි ද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .
තුවාලකරුවන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මිය ගොස් ඇත .
මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පලා ගොස් ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කරයි.
220 Views
Comments