බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමි වෙයි

බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමි වෙයි

යාපනයේ ඉපිද යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබූ දෙමළ ජාතිකයෙකුට බ්‍රිතාන්‍යයේ OBE (Order of the British Empire) ඉහළම ගෞරව සම්මානය ලැබී තිබේ.

 

 

යාපනයේ කෝපායි චල්වේලි නිම්න ප්‍රදේශයේ උපත ලද අරවින්දන් කුමාරස්වාමි මහතා යාපනය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වීමෙන් පසු ලන්ඩනයට ගොස් බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යා අධ්‍යනංශයේ වෛද්‍ය මහාචාර්යවරයා ලෙස වැඩ භාර ගත්තේය. 

 

 

ඔහු බර්මින්හැම් කාන්තා රෝහලේ නාරිවේදය, ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පැවසේ.

 

 

බ්‍රිතාන්‍ය රජුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට මෙම සම්මානය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

මහාචාර්‍ය අරවින්දන් කුමාරස්වාමි මහතා බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා කරන ලද පර්යේෂණයන් අගයමින් රජතුමා විසින් මෙම සම්මානය පිරිනමා තිබේ.

views

154 Views

Comments

arrow-up