මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දහසකට ස්ථාන මාරු

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
මෙම ස්ථාන මාරුවීම් ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ රට තුළ පැවති තත්ත්වයත් සමඟ වාර්ෂික ස්ථානමාරුවීම් සිදුකර නොමැති අතර අවසන් වරට ස්ථානමාරුවීම් සිදු කර තිබුනේ 2019 වසරේ දීය.
කෙසේ නමුත් මෙම ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි.
201 Views
Comments