තරුණ යුවළ ගඟට පනී - තරුණයා ගඟ පහළට පිහිනා දිවගිය බවට තොරතුරු - තරුණිය අතුරුදන්

මහියංගණය - මහනුවර මාර්ගයේ මහියංගනය මහවැලි ගඟේ පාලම මතින් තරුණ යුවළක් මහවැලි ගඟට පැනීමේ සිදුවීමක් වාර්තාවේ.
එම අවස්ථාවේ ගඟට පැන්න තරුණයා ගඟ පහළට පිහිනා ගං ඉවුරට ගොඩ වී දිව ගොස් අතුරුදහන් වූ බව ගම්වාසීන් පවසයි.
කෙසේ වුවත් පසුදින උදෑසන වන විට එම තරුණයා ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.
තරුණිය දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති අතර සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කළේ පළමුව ගැහැනු ළමයා මහවැලි ගඟේ පාලම් ඇන්ඳට ගොඩවී ගඟට පැන්න බවත් ඉන් පසු තරුණයාද ගඟට පැන්න බවයි.
තරුණයා ගසාගෙන යන ආකාරය පාලම මත සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.
මහියංගණය පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශණයකින් අනතුරුව මහවැලි ගඟට පැන්න තරුණියගේ ගමන් බෑගය මහවැලි පාලම අසල තිබි හමුවී තිබෙන අතර එම බෑගයේ තිබී දෙදෙනාගේ හැදුනුම්පත් හමුවීමත් සමඟ යුවළගේ අනන්‍යතාවය හෙළිව ඇත.
දෙදෙනාම රිදීමාලියද්ද ප්‍රදේශයේ අයවලූන් ලෙස තහවුර කරගෙන ඇති අතර තරුණිය වයස අවුරුදු 19ක් වන රිදිමාලියද්ද, ගස්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තරුණයා රිදිමාලියද්ද, යල් අරාව, හෙවන් වත්ත, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක් වේ.
අතරුදහන්වූ තරුණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර, බිබිල ප්‍රදේශයේ අමතර පන්ති සඳහා සහභාගි වන බව පවසා නිවසින් බැහරව ගොස් තිබේ.
පියා නිවසින් වෙන්වී ඇති අතර මව කුලී වැඩවලට යමින් දරුවන් තිදෙනා පෝෂණය කර ඇත.
තරුණියගේ මව ඒ.එම්. ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය පැවසුවේ මොවුන් දෙදෙනා අතර අවුරුදු දෙකකට වැඩි කාලයක් පෙම් සබදතාවයක් තිබු බවත්, තරුණයාගේ වෙනත් පෙම් සබදතාවයක් පිළිබඳ අනාවරණය වීමෙන් තරුණිය මීට මාසයකට පෙර තරුණියගේ වුවමනාවෙන්ම දෙදෙනා අතර පැවති පෙම් සබදතාවය නවතා දැමූ බවයි.
නමුත් පන්ති යන බව පවසා මේ සිදුකරගත් අපරාධය පිළිබඳ කිසිවක් නොදන්නා බව ඇය වැඩිදුරටත් පැවසීය.
නාවික හමුදා නිලධාරින් තරුදහන් තරුණිය සෙවීම ආරම්භ කරනු ලැබ ඇති අතර මහියංගණය පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශණ සිදු කරයි.
2037 Views
Comments