පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ මියයයි.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ මියයයි.

පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ මියයයි.

ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ රෝගාතුරව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.



වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන ආ බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් මෙලෙස මියගොස් තිබේ.



රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු වූ දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි.



අදාළ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටි මෙම කාන්තාව, නිවසේ අයිතිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.

views

267 Views

Comments

arrow-up