ලංකාව ගොඩ ගැනීමට සහය වන බවට නෙදර්ලන්ත තානාපතිනිය සෞඛ්‍ය ඇමති සමග කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ලංකාව ගොඩ ගැනීමට සහය වන බවට නෙදර්ලන්ත තානාපතිනිය සෞඛ්‍ය ඇමති සමග කියයි

ලංකාව ගොඩ ගැනීමට සහය වන බවට නෙදර්ලන්ත තානාපතිනිය සෞඛ්‍ය ඇමති සමග කියයි

පවතින ආර්ථික අර්බුදයෙන් මිදී යළි හිස එසවීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කැප වන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් මහත්මිය ප්‍රකාශ කර සිටී.

 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී ඇය මෙසේ බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

 


විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුහුණපෑමට සිදු වී ඇති ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය සහ එම තත්වය ජය ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු විශේෂ කරුණු කාරණා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව වාර්තා වේ.

views

231 Views

Comments

arrow-up