හැටන් රොසිටා සත්ව ගොවිපොලේ විශාල ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

හැටන් රොසිටා සත්ව ගොවිපොලේ විශාල ගින්නක්

හැටන් රොසිටා සත්ව ගොවිපොලේ විශාල ගින්නක්

කොටගල, ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ පිහිටි හැටන් රොසිටා සත්ව ගොවිපොලේ තෘණ වගාවක විශාල ගින්නක් හටගෙන ඇති අතර අක්කර 15 ක භූමි ප්‍රදේශයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව ගොවිපොලේ සේවය කරන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.


මේ දිනවල ප්‍රදේශය තුළ පවතින දැඩි වියළි කාලගුණික තත්වය සහ සුළං තත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම ඉතා අසීරු කාර්යයක් බවට පත් වී තිබේ.


මෙය ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන සත්ව ගොවිපොලක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොවිපලේ නිලධාරින්ගේ ප්‍රකාශය වුයේ මෙය ස්වභාවිකව හට ගත් ගින්නක් නොවන බවත්, කිසියම් පිරිසක් මෙයට ගිනි තබා ඇති බවත්ය.

views

227 Views

Comments

arrow-up