තවත් කොවිඩ් ආසාදිත මරණ 22ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු පෙරේදා (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(01) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,244 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 19 දෙනකු, අවුරුදු 20 ත් 59 ත් අතර 2 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
671 Views
Comments