අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

අද කාලගුණය

අද කාලගුණය

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය සහකළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

වයඹ පළාතේත්, ගම්පහ, කොළඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

පුත්තලම සිට කොළඹ,ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරයදක්වා සහ හම්බන්තොටසිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරයදක්වා සහහම්බන්තොටසිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ.

views

609 Views

Comments

arrow-up