දුමින්ද සිල්වාට රෝහලේ සුපිරි කාමරයක් - “අපිට කරන්න දෙයක් නෑ” - බන්ධනාගාර කොමසාරිස් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

දුමින්ද සිල්වාට රෝහලේ සුපිරි කාමරයක් - “අපිට කරන්න දෙයක් නෑ” - බන්ධනාගාර කොමසාරිස් කියයි

දුමින්ද සිල්වාට රෝහලේ සුපිරි කාමරයක් - “අපිට කරන්න දෙයක් නෑ” - බන්ධනාගාර කොමසාරිස් කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ පළමු පන්තියේ කාමරයකට මාරු කර තිබේ.

 

ඔහුට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් පසුගිය 31 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. 

 

එසේම ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

 

ඉන්පසු පසුදින(01) දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වන 18 වාට්ටුවට ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් බව පවසමිනි. 

 

නමුත් ඔහුට එම දිනය පුරා පීසීආර් පරීක්ෂණයක්, පපුවේ එක්ස්රේ පරීක්ෂණයක් හැර වෙනත් කිසිදු ප්‍රතිකාරයක් කර නොතිබිණි.

එසේ තිබියදී පසුගිය 01 වනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනිණි. ඊයේ(02) උදෑසන ඔහු 03 වැනි වාට්ටුවේ පළමු පන්තියේ කාමරයකට මාරු කර ඇති අතර, එය නිර්දේශ කර තබෙන්නේ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න විසින් බව වාර්තා වේ. මීට පෙර ද දුමින්ද සිල්වාට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරියට චෝදනා රැසක් එල්ල විය.


මෙසේ බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා යොමුකළ යුත්තේ බන්ධනාගාර රෝහලට හෝ රජයේ රෝහලකට බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේ්‍ය්ෂ්ඨ නිලධාරීන් පවසති.

views

658 Views

Comments

arrow-up