සෑම දරුවෙකුටම උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදීමේ ක්‍රමවේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

සෑම දරුවෙකුටම උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදීමේ ක්‍රමවේදයක්

සෑම දරුවෙකුටම උපතේදීම  ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදීමේ ක්‍රමවේදයක්

සෑම දරුවකුටම උපන් අවස්ථාවේදීම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරනවා.

 

දරුවන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා උපතේදීම මෙලෙස ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදී එම අංකය නැවතත් වයස අවුරුදු 16දී එම අංකය ම ඇතුළත් කර  ජාතික හැදුනුම්පත  නිෂ්පාදනය කළ යුතු බව ඔවුන් යෝජනා කරනවා.

 

වෛද්‍ය සංගමය මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ "නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව" වෙතය.

 

මෙලෙස හැඳුනුම්පත් අංකයක් උපතේදීම ලබාදීම හරහා ළමා මෙහෙකාර සේවය, ළමා අපචාර මඟින් දරුවන්ට වෙන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි බවත්  රට පුරාම ක්‍රියාත්මක වන ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කර ගැනීමටත් කර ගැනීමටත් අවස්ථාව උදාවන බවත් පෙන්වා දී තිබෙනවා.

 

ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලා වෛද්‍ය සංගමය විසින් ජනාධිපති වරයා වෙත ද ලිපියක් යොමු කර තිබෙනවා .

views

658 Views

Comments

arrow-up