මාස 4ට වෙඩි තැබීම් 29ක්

පසුගිය මාස හතරක කාලය තුළ වාර්තා වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම කාලය සැකසෙන්නේ මැයි 30 සිට ඔක්තෝබර් 06 දක්වායි. එම කාලය තුළ වෙඩි තැබීම් 29ක් වාර්තා වී තිබෙනා බව පොලිස් මූලස්ථානය සඳහන් කලා.
මෙම කාල වකවානුව තුළ වෙඩි තැබීම් වලින් තුවාල ලද පිරිස 14කි. සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 15කි.
වෙඩි තැබීම් සිද්ධි වලින් වැඩි ප්‍රමාණයක් පාතාල කල්ලිවලට සම්බන්ධ බවයි පොලීසිය සදහන් කරේ.
200 Views
Comments