“කොමිසමේ නිර්දේශ ප්‍රායෝගික නෑ, විදුලිය කපන්නම වෙනවා” - විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

“කොමිසමේ නිර්දේශ ප්‍රායෝගික නෑ, විදුලිය කපන්නම වෙනවා” - විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළි

“කොමිසමේ නිර්දේශ ප්‍රායෝගික නෑ, විදුලිය කපන්නම වෙනවා” - විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළි

විදුලිය කප්පාදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලබාදී ඇති මාර්ගඋපදේශවල ප‍්‍රායෝගිකත්වය ගැන ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

 

දැනටමත් බලාගාර කිහිපයක් ඉන්ධන නොමැතිකම හේතුවෙන් නවතා දමා ඇති බවද එමනිසා විදුලි සැපයුම නිසි ලෙස පවත්වාගෙන යාමේ ගැටලු‍කාරී තත්ත්වයක් උද්ගගතවී ඇතැයිද එහි සභාපති අනිල් රංජිත් මහතා කියා සිටියේය.

 

දැනට අක්‍රීයව ඇති ඇතැම් බලාගාර සඳහා ඉන්ධන ලැබීම සති දෙකක් පමණ ප‍්‍රමාද වන තත්වයක් මතුව ඇති බවත් ඒ මහතා පැවසීය.

 

එම නිසා පවතින තත්වය මත විදුලි කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාම අසීරු බවත් ඔහු පැවසීය.

views

700 Views

Comments

arrow-up