ශ්‍රී ලංකාවට ඉරානයෙන් යූරියා

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබාදීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Hashem Ashjazadeh කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවූඅවස්ථාවේදීයි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර සම්පාදනය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණ. යුරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යුරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කරන ලදි.
226 Views
Comments