SEP
11
වතුකම්කරුවන්ට විශේෂ දීමනාවක්

සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙම දීමනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.
215 Views
Comments