උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අවස්ථා කිහිපයකදී කල්තැබුණු 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද පැවැත්වෙනවා.
කොරෝනා ආසාදිත මෙන්ම නිරෝධායන වන දරුවන් සඳහා විභාගයට මුහුණදීමට විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.
මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2437 කදී පැවැත්වෙනවා. පාසල් අයදුම්කරුවන් 279141 දෙනෙකු විභාගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. මෙවර විභාගයට පෙනීසිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 66101ක්. කොරෝනා ආසාදිත මෙන්ම නිරෝධායනය වෙමින් සිටින දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. නිරෝධායන වන සියලුම විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශපත්‍රයේ දක්වා ඇති විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කළයුතු අතර තමන් නිරෝධායන වන අයෙකු බව ශාලාධිපතිට දැනුම්දීම අනිවාර්ය වනවා. කොරෝනා ආසාදිත විභාග අපේක්ෂකයන් රෝහල් ආශ්‍රිතව පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වලින් තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදි හෝ නිවසට ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනීසිටිය යුතුයි.
679 Views
Comments