සමාජ දුරස්ථභාවය තබාගන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයාව උස්සා පොළොවෙ ගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

සමාජ දුරස්ථභාවය තබාගන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයාව උස්සා පොළොවෙ ගසයි

සමාජ දුරස්ථභාවය තබාගන්නැයි කියූ ඉන්ධන පිරවුම්හල් සේවකයාව උස්සා පොළොවෙ ගසයි

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත මුව ආවරණයක් නොමැතිව ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරු පැදිකරුවෙකුට සමාජ දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස පැවසූ ඉන්ධන පිරවුම්හල් සේවකයෙකුට අදාල යතුරුපැදිකරු විසින් පහරදී උස්සා පොළොවේ ගසා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසනවා.

 

යතුරුපැදිකරුවා විසින් ඉන්ධන පිරවුම්හලේ සේවකයා වෙත පහර දෙන අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා එම ස්ථානයට පැමිණි තවත් සේවකයෙකුටද අදාළ යතුරුපැදිකරුවා සහ ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා විසින් පහර දී තිබෙනවා.

 

මෙම සිදුවීමෙන් පළමුව පහර කෑ ඉන්ධන පිරවුම්හලේ සේවකයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව මීගොඩ පොලිසිය ප්‍රකාශකයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුබසිංහ සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර යන මහත්තුරුන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

අදාල පහර දීමේ සිද්ධිය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ කැමරාවක ද සටහන් වී තිබුණා.

views

911 Views

Comments

arrow-up