නැගෙනහිර කොළඹ රෝහලට අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

නැගෙනහිර කොළඹ රෝහලට අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරයි (PHOTOS)

නැගෙනහිර කොළඹ රෝහලට අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරයි (PHOTOS)

Covid 19 වෛරසයට එරෙහි ජාතික ප්‍රයත්නයට සහය දැක්වීම සඳහා අද දිනයේ දී නැගෙනහිර කොළඹ මුල්ලේරියාව රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් සෙලාන් බැංකුව විසින් පරිත්‍යාග කළා.

 

මෙහි නිල භාර දීමේ උත්සවයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ සෙලාන් බැංකුවේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

 

පරිත්‍යාග කරන ලද මෙම දැඩි සත්කාර ඒකකය නවීන පහසුකම් සහිත ICU ඇඳන් පහකින්, ඔක්සිජන් සැපයුම් ඒකක හයකින් සහ ආබාධිත රෝගීන්ට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසු වන විශේෂ පිවිසුම් දොරටුවකින්ද සමන්විත වේ.

 

 

views

1366 Views

Comments

arrow-up