“ගේට්ටු කඩලා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දමන්න ඕන” - මර්වින් සිල්වා

කොතරම් විරෝධතා දැක්වුවද පෙළපාලි ගියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් නොවනු ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.
එම නිසා ජනාධිපති මැදුරේ ගේට්ටු කඩා ජනාධිපතිවරයාගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමිය යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
රාජපක්‍ෂලා ශ්‍රී පාදයේ තිබූ ඝන්ටාරය ගලවා විකුණූ බවත්, දොලොස් මහේපහන විකුණා දැමූ බවත්, මහ දාගැබ්වල නිධාන ගත් බවත්, අටමස්ථානය නමස්තානය කළ බවත්, එළාර භාවිතා කළ රත්තරන් කරත්තය හොරකම් කළ බවත්, ප්‍රභාකරන් සැඟවූ රත‍්‍රන් හා සල්ලි සොරකම් කළ බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.
289 Views
Comments