ප්‍රවීණ රංගන ශිල්පිණී ලියෝනි කොතලාවල දිවි රඟමඩලෙන් බැස යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

ප්‍රවීණ රංගන ශිල්පිණී ලියෝනි කොතලාවල දිවි රඟමඩලෙන් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පිණී ලියෝනි කොතලාවල දිවි රඟමඩලෙන් බැස යයි

ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද(19) තම දිවි සැරිය නිම කළාය.

 

1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරඟයක් වෙනුවෙන් ජී. ඩී. එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.

 

චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලටද ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවාය.

 

සෝමාගේ සිහිනය, තාරාදේවි, චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා, අරවින්ද සහ ඉන්ද්‍රා, හිරුට මුවාවෙන්, නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට සිය රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවිය.

views

319 Views

Comments

arrow-up