ලු‍ණු වැවේ ගිලි තරුණයින් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ලු‍ණු වැවේ ගිලි තරුණයින් දෙදෙනෙක් මරුට

ලු‍ණු වැවේ ගිලි තරුණයින් දෙදෙනෙක් මරුට

තඹුත්තේගම, ලු‍ණුවැවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ඊයේ(11) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ගාල්ල, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි පසිඳු මධුෂාන් මෙන්ඩිස් අබේසේකර නමැති තරුණයෙකු හා එගොඩ මුල්ල, අහුංගල්ල ලිපිනයේ පදිංචිව සිටි කසුන් මධුසංඛ නැමති 27 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි..

 

අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි තම මිතුරෙකුගේ නිවසට පැමිණ සිටියදී ලු‍ණු වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය පවසයි.

 

අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව එම තරුණයින් දෙදෙනා තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණු අතර රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.‍

views

680 Views

Comments

arrow-up