අංක තහඩු ආවරණය කළ මෝටර් රථයකින් පැමිණ තරුණයෙකු පැහැරගනී

රෙද්දකින් අංක තහඩු ආවරණය කරනු ලැබූ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බොම්ඹුවල, සමනල උයන පෙම්රුක්වත්තේ තරුණයෙකුට පහරදී පැහැරගෙන ගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී රාත්‍රි 9ට පමණ අංක තහඩු රෙදිවලින් ආවරණය කළ රතු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට පහරදී පැහැරගෙන ගොස් ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම පුද්ගලයා බේරාගැනීමට පිරිසක් මෝටර් රථයට පහරදී තිබෙන අතර පහරදෙන අතරතුර වාහනය පලාගොස් ඇත.
පැහැරගෙන ගොස් ඇති පුද්ගලයාව මෙතෙක් හමුවී නොමැති අතර දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
324 Views
Comments