ආබාධිත බිලිඳා සුවකර ගැනීමට එකතු වූ ආධාර මුදල් තිරිසනෙක් සොරකම් කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ආබාධිත බිලිඳා සුවකර ගැනීමට එකතු වූ ආධාර මුදල් තිරිසනෙක් සොරකම් කරලා

ආබාධිත බිලිඳා සුවකර ගැනීමට එකතු වූ ආධාර මුදල් තිරිසනෙක් සොරකම් කරලා

මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේ ආබාධිත බිළිඳු දරුවෙකුට ලැබුණු ආධාර මුදල් කිසියම් පුද්ගලයෙකු විසින් වංචනික ලෙස සොරකම් කර තිබෙනවා.

 

 

උපතින්ම දෙපා වල යටි පතුල් උඩු අතට පිහිටා ඇති ⁣මෙම දරුවා පිළිබඳව රූපවාහිනියේ විකාශය කිරීමත් සමඟ ඔහුට දෙස් විදෙස් ආධාර රැසක් ලැබී ඇති අතර ඉන් එක් අයෙකු මෙලෙස රු.40,000ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවාගේ මව

 

"මට සිකුරාදා හවස 5ට විතර කෝල් එකක් ආවා. එකවුන්ට් නම්බර් එක ඉල්ලුවා. මම එකවුන්ට් නම්බර් එකත් දුන්නා. මගේ අයිඩින්ටි නම්බර් එකත් ඉල්ලුවා. ඒකත් දුන්නා. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි මම සල්ලි දැම්මහම කියලා. මම එවන මැසේජ් එකේ අංක ටික කියන්න කිව්වා. මම දන්නේ නෑ. නංගි කිව්වා. ඊට පස්සේ මට කොළඹ බැංකුවෙන් කෝල් එකක් ආවා ඔයාගේ මුදල් පැහැර අරගෙන කියලා."

views

1226 Views

Comments

arrow-up