පාරිභෝගික සේවා නිළධාරීන් වටලපු නුවරඑළියේ චොකලට්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

පාරිභෝගික සේවා නිළධාරීන් වටලපු නුවරඑළියේ චොකලට්

පාරිභෝගික සේවා නිළධාරීන් වටලපු නුවරඑළියේ චොකලට්

චොකලට් කෑමට බොහෝදෙනෙක් බෙහෙවින් ප්‍රිය කරයි.

 

එම නිසාම චොකලට් මිලදී ගැනීමේදී බොහෝදෙනෙකු එහි මිල පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත.


ඉන් අයුතු ප්‍රයෝජනගත් කූඨ වෙළෙන්දෙකු පිළිබඳව තොරතුරු නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

සැකකරු විසින් අදාළ චොකලට්වල ලේබලයේ මුද්‍රණය කර තිබූ මිල ගණන් ව්‍යාජ ලෙස ඉහළ දමමින් චොකලට් අලෙවි කර තිබේ.

 

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත කළ සෝදිසියේදී මෙම චොකලට් අලෙවිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

 

සැකකරු විසින් එලෙස ව්‍යාජ මිල ගණන් යොදා විකිණීමට සූදානම් කර තිබූ ඉතා ඉහළ ඉල්ලු‍මක් සහිත චොකලට් වර්ග තොගයක් මුද්‍රා තබා පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබුණි.

 

සැකකාර පුද්ගලයාට එළඹෙන 13 වනදා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දැනුම්දී බැඳුම්කරයක් මත නිදහස් කර ඇත.

views

832 Views

Comments

arrow-up