කොවිඩ් කරලත් ගෙන්වන්න යයි

කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධව කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ඔහු කියා සිටියේය.
මර්ක් නමැති ඖෂධිය නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධය යොදා ගැනීමට ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට අවධානය යොමුකර තිබෙන බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
එම ඖෂධ ගෙන එන්නේ නම් ඒවා ගෙන ආ යුත්තේ මොන දිනවලද මොන ප්‍රමාණ වලින්ද පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.
මෙම ඖෂධ කරල දැනට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවයි.
737 Views
Comments