කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර දැඩි අවදානමක

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති බව එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති.
ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති අතර ශූද්‍ර ජීවි අංශයේ සහ ආසාධන පාලන ඒකකයේ වාර්තාවලින් එම තත්වය තහවුරු වී ඇති බවත් විශේෂඥා වෛද්‍යවරු පවසති.
වැසිලිකිලි, කාණු, වැසිකිළි වළවල් ඇතුළු අපවිත්‍ර ස්ථානවල ගැවසෙන සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසිදු කිරීම යෙදවීම හොඳ තත්වයක් නොවන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරති.
306 Views
Comments