අනුරාධපුර හාල්පානු ඇළේ අභිරහස් මළ සිරුරක්

අනුරාධපුර පූජා නගරය ආසන්න හාල්පානු ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
අනුරාධපුර කොහොඹ ගස් හංදිය ප්‍රදේශය හරහා ගලාබසින හාල්පානු ඇළේ තිබූ එම කාන්තා මළ සිරුර දින පහක් පමණ පරණ වන බවත් එම කාන්තාවගේ සිරුර මේ වන විට දිය වෙමින් තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
එම ප්‍රදේශයේ දැඩි දුගඳක් පැවතීම හේතුවෙන් එම හාල්පානු ඇළ ප්‍රදේශයේ වගා කටයුතුවල නියුතු ගොවි මහතෙකු විසින් විපරම් කර ඇති අතර එහිදී මෙම මළ සිරුර දැක තිබුණි.
පසුව ප්‍රදේශවාසීන් ද දැනුවත් කර මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය දැනුවත් කර ඇත.
256 Views
Comments