බිංතැන්නේ සූදු පොළක් වටලා හොර නෝට්ටු තොගයක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

බිංතැන්නේ සූදු පොළක් වටලා හොර නෝට්ටු තොගයක් අල්ලයි

බිංතැන්නේ සූදු පොළක් වටලා හොර නෝට්ටු තොගයක් අල්ලයි

කටුවන පොලිසියට ලද තොරතුරකට අනුව කටුවන බිංතැන්න ප්‍රදේශයේ සූදු පොළක් ඊයේ (11) දින වටලා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු වලින් සූදු ක්‍රීඩා කරමින් සිටි පුද්ගලයෙකු සහ එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

එම සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සොයාගෙන තිබෙන අතර, සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා යොදාගත් ස්කෑනර් යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද සොයාගෙන තිබේ.

 

ඔහුගෙන් වැඩිදුර සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට හවුල් වූ තවත් අයෙකු ද කටුවන නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.

 

මෙම පුද්ගලයින් දෙදෙනා කටුවන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 37 සහ 28 වයස් වල පසුවන දෙදෙනෙක් බව සඳහන් වේ.

 

සැකකරුවන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කටුවන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
 

views

235 Views

Comments

arrow-up