පැරණි දේට ඇලුම්කළ ග්‍රාම සේවක කපා කොටා මරා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

පැරණි දේට ඇලුම්කළ ග්‍රාම සේවක කපා කොටා මරා දමයි

පැරණි දේට ඇලුම්කළ ග්‍රාම සේවක කපා කොටා මරා දමයි

නාඳුනන පිරිසක් විසින් තියුණු ආයුධයකින් පරහදි අඹන්පොළ, දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

 

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුබද්ධව සේවය කළ එස්.එම්. කපිල ප්‍රියන්ත සපුකුමාර නමැති දෙදරු පියෙකු මෙලෙස මරා දමා ඇත.

 

අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජනසභා රැස්වීමකට සහභාගීවීම සඳහා යතුරු පැදියෙන් යමින් සිටි මෙම නිලධාරීවරයාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඝාතනය කර පළාගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබි තිබේ.

 

මෙම ග්‍රාම නිලධාරීවරයා පැරණි වගා ක්‍රම, පැරණී වී වර්ග ආදිය රැස්කරමින් පාරිසරික වගාව දියුණු කිරීමට මහත් වෙහෙසක් ගත් පරිසරයට ඉහත් ආදරයක් දැක්වූ අයෙකු බව ප්‍රදේශවාසීහු පවසති. 

 

පැරණි වී වර්ග විශාල ප්‍රමාණයක් ඔහුගේ නිවසේ සංරක්ෂණ කර ඇති අයුරුද දැක ගන්නට ලැබිණි.

views

1002 Views

Comments

arrow-up