පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට

අද (ජුනි 13) ත්‍රිකුණාමලයේදී පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය (STF) නිවේදනය කළේය. ලැබුණු තොරතුරකට අනුව ත්‍රිකුණාමල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඊයේ කුච්චවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ වැටලීමක් සිදු කළේය.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරුවෙකි. සැකකරු සතුව කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 900 ක් බරැති වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 45 ක් තිබී සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ
226 Views
Comments