පොලිස්පතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතිය හිමිව තිබේ.
පසුගිය මස 25 වනදා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබූ අතර පසුව පොලිස්පතිවරයාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීමට පියවර ගැනුණි. අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
පසුගියදා ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ටද ඒ් සඳහා අයදුම් කරන ලෙස දන්වමින් පුවත්පත් දැන්වීම් පළ කෙරුණු බවද සඳහන් වේ.
283 Views
Comments