මාල කැඩූ කොල්ල කල්ලිය පොලිස් දැලේ

රන් මාල කොල්ලකෑම්වල නිරත වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අගුරුතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අඟුරුවාතොට ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන සැකකරුවන් ජීව අත්බෝම්බයක්, ව්‍යාජ පිස්තෝලයක් සහ යතුරුපැදි තුනක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර, මෙම කල්ලිය විවිධ යතුරුපැදි භාවිත කරමින් සහ අංක තහඩු වෙනස් කරමින් ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සිදු කර ඇති බව අනාවරණය විය.
සොරාගත් භාණ්ඩවල මුළු වටිනාකම ලක්ෂ හයහමාරක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
159 Views
Comments