බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් දැනුම් දෙන්න - ත්‍රිපෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් දැනුම් දෙන්න - ත්‍රිපෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලයි

බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් දැනුම් දෙන්න - ත්‍රිපෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලයි

බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ත්‍රී පෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

 

 නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොග නොමැතිවීමෙන් ත්‍රී පෝෂ නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ත්‍රී පෝෂ සමාගමේ ප්‍රකාශකයෙකු වෙත් නිවුස් වෙත පැවසුවේ. 

 

 

පවතින ගැටළු කිහිපයක් හමුවේ ත්‍රී පෝෂ නිෂ්පාදනයට සුදුසු නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොග ආනයනය කිරීමට හැකියාවක් මේවනවිට නොමැති බව ද ඔහු සඳහන් කළා. එලෙස නියමිත ප්‍රමිතියෙන් යුතු බඩඉරිගු ඇති එක් රටක් වන්නේ යුක්රේනයයි.

views

751 Views

Comments

arrow-up