දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක පුතා සහ තාත්තා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක පුතා සහ තාත්තා දැලේ

දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක පුතා සහ තාත්තා දැලේ

දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි බව කියන ග්‍රාම නිලධාරීවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු සැකපිට  ඊයේ (11) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරණියගල, දෙහිඕවිට, දොම්පේ, අලුත්ගම, ආනමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුමක් මත දැරණියගල පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම  නිලධාරීගේ පියා ද සිටින බව පොලිසිය කියයි.

 

මෙම වැටලීමේදි සුඛෝපභෝගි ජිප් රථයක් මෙන්ම නිදන් හැරීමට භාවිත උපකරණ රැසක් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

 

 අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අවිසාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

views

755 Views

Comments

arrow-up