ව්‍යාජ දළදා මාළිගය කුඩුකරන්න ගිය කැළණි දඩබ්බරයා

මේ දිනවල දැඩි විවේචනයට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ව්‍යාජ දළදා මාලිගය නැරඹීමට (7) පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානය පවත්වාගෙන යන ජානක සේනාධිපති නමැති අය විසින් කරගෙන යනු ලබන කටයුතු ඇගැයීමකට ලක් කළේය.
එහි පැමිණි මර්වින් සිල්වා එම ස්ථානයේ ඇවිද ගොස් නිරීක්ෂණය කර එම ඇගැයීම කළේය.
බෝසත් යන නාමය පාවිච්චි කිරීම හේතුවෙන් මෙවැනි විවේචන එල්ල වන බව පෙන්වා දුන් සිල්වා මහතා එම නාමය වෙනස් කර මින් ඉදිරියට ශ්‍රීමත් යන නාමය භාවිතා කරන ලෙසට උපදෙස් දුන්නේය.
බෞද්ධ ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය සහිත ගොඩනැගිල්ල වෙනස් කරන ලෙසද මර්වින් සිල්වා මහතා මෙහිදී උපදෙස් දුන්නේය.
එම ස්ථානයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආහාරපානාදිය ලබා දීම සඳහා අවශ්‍යනම් තමන්ද නොපැකිලව අවශ්‍ය ආධාර උපකාර කීරීමට ඉදිරිපත් වන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදි සේනාධිපති නමැත්තාට දැනුම් දුන්නේය.
197 Views
Comments