අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු කෝටි හතරක බෙහෙත් අතුරුදන්

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපා කමිටුව සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා තිබේ.
එහිදී එම ප්‍රධානීන් පවසා තිබෙන්නේ කලකට පෙර සිදුවූ මෙම සිද්ධියට නිලධාරීන් එකොළොස් දෙනකු වගකිව යුතු බවයි.
ඒ නිලධාරීන්ගෙන් තිස් දෙලක්ෂ හැට එක් ලක්ෂයක මුදලක් 2020.12.31 වැනි දිනට අයකරගෙන තිබෙන බවත් නිලධාරීන් හත් දෙනෙකු මියගොස් හෝ සේවය අතහැර ගොස් හෝ ඇති බවත් එම ප්‍රධානීන් කෝපා කමිටුවට වෙත දැනුම්දී තිබේ.
අනෙක් නිලධාරීන් සිව්දෙනාගෙන් අලාභ අය කර ගනිමින් සිටින බවත් සඳහන් කර ඇත.
ගබඩා සමීක්ෂණ කටයුතු දැනට නිසි පරිදි කරගෙන යන බව පවසා ඇති එම ප්‍රධානීන් පසුගිය වර්ෂ පහේදී ඖෂධ ඌනතා වාර්තාවී නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම තොරතුරු සඳහන්වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය.
618 Views
Comments