කබ්‍රාල්ට රට යන්න තහනම්..! – අධිකරණ නියෝගයක්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කෙරිණ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝගය නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
648 Views
Comments