“මට මැරෙන්න හිතෙනවා. මම මැරුණොත්...” - දැරිය ඝාතනය කළ බවට සැක මිත්තනිය ලියූ ලිපිය

කෝපායි තිරණවේලි ප්‍රදේශයේ ලැගුම්හලක දී සිදු වු දැරියගේ මරණය, මිත්තනිය විසින් සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ දැරිය මියගොස් සිටි කාමරයේ තිබී මිත්තනිය විසින් දෙමළ භාෂාවෙන් ලියන ලද ලිපියක් පොලීසිය විසින් සොයාගත් බවය.
"මට මැරෙන්න හිතෙනවා. මම මැරුණොත් මගේ මිණිබිරිය තනිවෙනවා. ඒ නිසා අපි දෙන්නාම මැරෙන්න තීරණය කළා. අපේ මරණවලට වෙන කවුරුත් වගකිව යුතු නෑ..." යනුවෙන් එම ලිපියේ සඳහන්ව ඇත.
කෝපායි තිරණවේලි ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුළ තිබී 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගියදා සොයාගනු ලැබීය.
එහිදි ඒ අසල තිබු අනෙක් ඇඳ මත ඇයගේ මිත්තනිය ද සිහිසුන්ව සිට ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණි.
මොවුන් දෙදෙනා පසුගිය 09 වැනි දින තිරණවේලි ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති අතර ඔවුන් රැඳීසිටි කාමරයෙන් දුගඳක් හමන බවට ලැගුම්හල් සේවකයින් විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකදී කාමරයේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මිත්තනිය විසින් දැරියට නිදිපෙති බීමට සලස්වා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඇය ඝාතනය කර ඇති බවය.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 63 හැවිරිදි මිත්තනිය පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර කෝපායි පොලීසිය විසින් කාමරයේ තිබී හමුවු ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මියගිය දැරියගේ සිරුර මේ වනවිට ඇගේ පියා වෙත භාරදී තිබේ.
330 Views
Comments