OCT
08
ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක්

ආගමික ස්ථානවලට වැඩි වූ විදුලි බිලට සහනයක් ලබා දීම සඳහා, ආගමික ස්ථාන පුණ්‍ය ආයතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කර තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ආගමික ස්ථාන සඳහා මෙතෙක් රුපියල් 65ක් ලෙස පැවැති විදුලි ඒකකයක මිල රුපියල් 32ක් දක්වා අඩු කෙරෙනු ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඊයේ (08) උදෑසන මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මේ බව දැනුවත් කර තිබේ.
219 Views
Comments