නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

පසුගිය දා කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අළුත්වැඩියා වෙන් අනතුරුව යලි ජාතික පද්ධතියට එක් කර තිබේ.
ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍ර මෙගා වොට් 300ක ධාරිතාවයකින් ජාතික පද්ධතියට එක් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
තුන්වන ජනන යන්ත්‍ර මේ වන විට පූර්ණ ධාරිතාවයෙන් පද්ධතියට එක්කර ඇති අතර ඒ අනුව එමගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි.
226 Views
Comments