සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනට පොලීසියෙන් කඳුළුගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනට පොලීසියෙන් කඳුළුගෑස්

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනට පොලීසියෙන් කඳුළුගෑස්

සමාජවාදී තරුණ සංවිධානය විසින් ඊයේ (24) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

 

ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වූ පාගමන ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ අතර එය වැළැක්වීමට පොලීසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

 

විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 83 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

“අරගලයට නව ජවයක් - තරුණ බලය යළි කොළඹට” යන මැයෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණි.

 

views

222 Views

Comments

arrow-up