විදුලි බිල නොගෙවන යෝජනාවට පල්ලියේ පූර්ණ එකඟතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

විදුලි බිල නොගෙවන යෝජනාවට පල්ලියේ පූර්ණ එකඟතාව

විදුලි බිල නොගෙවන යෝජනාවට පල්ලියේ පූර්ණ එකඟතාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බිල්ලන් මවමින් සිටින ආණ්ඩුව වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසති.

 

එතුමන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ආධාර හා ණය ලබා ගැනීමේදී අදාළ සංවිධාන පිළිබඳ ගුණ වර්ණනා කිරීමටත්, රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි තත්වයක් තුළ ඒවා ප්‍රශ්න කරන විට එම සංවිධාන රටට එරෙහි සංවිධාන ලෙස හංවඩු ගැසීමටත් තරම් පාලකයන් බංකොලොත් වී ඇති බවයි.

 


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙන සැබෑ කාරණා ජනතාවට වසන් කොට ජාත්‍යන්තර බිල්ලෙක් මවා පාමින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට පාලකයන්ට කිසිදු අයිතියක් නොමැති බවද පියතුමන් පෙන්වා දෙති.



පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වසර තුනක් ගතවී ඇතත් මේ දක්වා කිසිදු ප්‍රගතියක් අත් කර ගැනීමට රජයට නොහැකි වී ඇති බවත් විමර්ශන කටයුතු සැලසුම් සහගතව යටපත් කරමින් සිටින බවටත් චෝදනා කරන පාස්කු ප්‍රහාරය ක්‍රමයෙන් සමාජයෙන් අමතක කර දැමීමට පාලකයන් උත්සාහ කර දැමුව එය කිසි දිනෙක අමතක වීමට ඉඩ නොතබන බව ද එතුමන් අවධාරණය කරති.



ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා සඳහන් කළ විදුලි බිල්පත් ගෙවීමෙන් වැළකීමේ විරෝධතාවය පිළිබඳවද අදහස් පළකරමින් සිරිල් ගාමිණි පියතුමන් එහිදී සඳහන් කර ඇත්තේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයට පූර්ණ එකඟතාවය පළ කරන බවයි.



අන්තර්ජාල නාලිකාවක සාකච්චාවදී ඔහු මෙම අදහස් පල කර ඇත.

 

 

views

212 Views

Comments

arrow-up